සඳුදා අගමැති සමග සාකච්ඡාවට එජාපය යයි - ජවිපෙ නොයයි - සජිත් පිල සහ TNA දෙගිඩියාවෙන්
Friday, 01 May 2020 - 19:21 | Views - 773
ලබන සඳුදා අරලියගහ මන්දිරයේ පැවැත්වෙන රැස්වීමට තමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් සහභාගි නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක දැනුම්දී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින්. එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ කොරෝනා ව්‍යසනය පැරදවීමට හා පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට පාර්ලිමේන්තුව කැඳවීම වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම අගමැති නිල නිවසට කැඳවීම ඵල රහිත දෙයක් බවයි.

මේ අතර, මෙම රැස්වීමට සහභාගි වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තම සන්ධානය නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින් සමග සාකච්ඡා කර දැනුම් දෙන බව සමගි ජනබලවේගය පවසනවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන සඳුදා පැවැත්වෙන අදාළ සාකච්ඡාවට සහභාගි වන බවයි එම පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් කියා සිටියේ සාකච්ඡාවට සහභාගි වීම පිළිබඳව මෙතෙක් තම පක්ෂය තීරණයක් ගෙන නොමැති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top