කොරෝනා ව්‍යාප්තියේ වර්ධනයක් සිදුවුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000ක් කිරීම සුදුසු බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Friday, 01 May 2020 - 19:04 | Views - 936
ඉදිරියේදී COVID-19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000ක් සිදු කිරීම සුදුසු බව වසංගත රෝග විද්‍යා අංශය මගින් සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි දැනුවත් කර තිබෙනවා.

කොරෝනා  වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බැවින් එය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීම සදහා පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද  (01) සෞඛ්‍ය  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වුණා.

මේ වනවිට PCR පරීක්ෂණ රජයේ හා පෞද්ලික අංශයේ රසායනාගාර 15ක් තුල සිදු කරන අතර ම රසායනාගාරවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් හිඟයකින් තොරව ලබාදිමට අවශ්‍ය කටයුතු සළසන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මීට අමතරව ක්ෂේත්‍රයේ මෙම මර්ධන කටයුතු සිදුකරන සෞඛ්‍ය ඇතුළු ආරක්ෂක අංශයේ කාර්යමණ්ඩලයටද අවශ්‍ය වන පුද්ගල ආරක්ෂිත ඇදුම් හිඟයකින් තොරව ලබාදීමේ ක්‍රමවේදය විධිමත් කරන ලෙසට ද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඉදිරියේ දී අවදානම් කළාපයක් තුල හදිසි ආපදා තත්ත්වයක් (ගංවතුරක් වැනි) ඇති වුවහොත් එම ප්‍රදේශ තුල වෛරසය ව්‍යාප්තිය පාලනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සහ සෞඛ්‍ය හා ආරක්ෂක කාර්ය මණ්ඩලය විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිබදව ද  මෙම සාකච්ජාවේදී අවධානය යොමු කෙරුණා.

ඒ සදහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ද කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

මෙම විශේෂ  කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර  දින දෙකකට වරක් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස් වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top