මෙරට ආසාදිතයන් ගණන 674 දක්වා ඉහළට
Friday, 01 May 2020 - 19:01 | Views - 614
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 9ක්.
එම ආසාදිතයන් 9 දෙනාගෙන් 5 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් ළගින් ඇසුරු කළ පුද්ගලයන් වන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.
තවත් අයෙක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තාවන අතර අනෙක් තිදෙනා නාවික හමුදා සාමාජිකයන් බව ඔහු සඳහන් කළා.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 510ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 157ක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 7ක්.
Share This Article