සියලු දෙනා පුදුම කරවමින් අසනීප වුණු පූස් පැටවෙකු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රැගෙන ආ අපූරු මව් සෙනෙහස
අලුත උපන් දරුවන් කුණු බක්කියට හෝ මහපාරක දමා යන අවස්ථාවන් සම්බන්ධයෙන් වන පුවත් අපට නිතරම දැකගැනීමට හැකි වනවා.
නමුත්, ඊට පටහැනි අපූරු සිදුවීමක් පසුගියදා තුර්කියෙන් වාර්තා වුණා.
රෝගී වූ පූස් පැටවෙකු කටින් ඩැහැගත් බළලෙකු ඉස්තාන්බුල්හි පිහිටි රෝහලක් තුළට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිළිගැනීමේ අංශයේ සිටින නිලධාරීනියන් ඒ සම්බන්ධයෙන් කලබලවී ඇති අතර එම බළලා පැටියාවත් රැගෙන හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පැමිණ තිබුණා.
අනතුරුව වෛද්‍යවරුන් එම පැටවාට ප්‍රතිකාර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ වනවිට තුර්කියේ කොරෝනා ආසාදිතයින් 120,204 ක් තහවුරුවී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3,174 ක් වනවා.


