කොළඹ මැනිං වෙළඳපොලෙන් සිහිකැඳවීමක්
Friday, 01 May 2020 - 16:20 | Views - 1,231
නව කොරෝනා වෛරසයට ගොදුරු විය හැකි අවදානම් කණ්ඩායම් ලෙස හඳුන්වන වයස්ගත වැඩිහිටියන්, ගර්භණී කාන්තාවන් සහ විවිධ රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් කොළඹ මැනිං වෙළඳපොලට පැමිණීමෙන් වළකින ලෙස එහි පොදු වෙළඳ සංගමය ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ සඳහන් කළේ තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කර තැබෙන මැනිං වෙළඳපොලට පැමිණීමේදී සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය කිරීම අනිවාර්ය බවයි.
Share This Article