වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්
Friday, 01 May 2020 - 14:13 | Views - 2,669
රට තුළ උද්ගතව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ හැකිතාක් දුරට නිවස මුලික කර ගත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්වලට මූලිකත්වය දෙමින් කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම, විහාරස්ථාන තුළ පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට අසීරු වන පිරිස් ගැවසෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින ලෙසයි එම උපදෙස් මාලාවේ අඩංගු වන්නේ.
වෙසක් උත්සවය සම්බන්ධව සිදුකරන වෙළදාම් කටයුතු ද අදාළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් සිදුකරන ලෙස ද අදාළ නිවේදනයේ සඳහන්.
Share This Article