ළමයින් අතර ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝ ගැන, ළමාරක්ෂක අධිකාරියෙන් විමර්ශන
Friday, 01 May 2020 - 13:26 | Views - 1,454
සමාජ මාධ්‍යයේ මේ දිනවල සැරිසරන පාසල් වයසේ කුඩා දරුවන් කිහිප දෙනෙකු විසින් ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝපට සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියේ මෙම වීඩියෝ සමාජ මාධ්‍යයේ සැරි සැරීම අවහිර කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට දැනටමත් දැනුම් දී ඇති බවයි.

මේ අතර, නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ මේ දිනවල අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු වීම හේතුවෙන් ඇතැම් දරුවන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීම නිරීක්ෂණය වී ඇති බවයි.

මෙවැනි වීඩියෝපට වෙනත් ළමයින් විසින් අනුකරණය කිරීමේ හැකියාවක් පවතින බව ද එම සංගමය සඳහන් කළා.

අප මේ සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සමාජ මාධ්‍යයේ සැරිසරන මෙම වීඩියෝපට කිසියම් කණ්ඩායමකගේ මැදිහත්වීම මත සිදුකරන්නේ ද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවයි.

මෙම වීඩියෝ දර්ශනවල ඇතුළත් ළමයින් පොළොන්නරුව සහ නිකවැරටිය යන ප්‍රදේශවලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top