ඇමසන් ප්‍රාන්තයේ විශාලතම නගරය මළ සිරුරුවලින් පිරි යද්දී - ජනපතිගේ ප්‍රකාශයට බ්‍රසීල ජනයාගෙන් දැඩි විරෝධය
Friday, 01 May 2020 - 10:50 | Views - 1,755
බ්‍රසීලයේ, ඇමසන් ප්‍රාන්තයේ විශාලතම නගරය සමූහ සූසාන භූමියක් බවට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
 
මනවුස් නම් අගනුවර පිහිටි රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් මිය යාමෙන් අනතුරුව මෙහි භූමදානය කරන බවයි වාර්තා වන්නේ.
 

එරට පදිංචිකාරිනියක වන මරියා ගාර්ෂියා මාධ්‍ය වෙත කියා සිටියේ, තම සීයා භූමදානය කිරීමට අවශ්‍ය වන මරණ සහතිකය ලබාගැනීමට පැය තුනක කාලයක් බලා සිටි බවයි.
 
මේ වනවිට මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 87,187 ක් වනවා.
 
ඉන් පුද්ගලයින් 6,006 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
 
රියෝ ද ජැනෙයිරෝහි මළ සිරුරු සමූහ ලෙස භූමදානය කිරීමට ද කටයුතු කරන බව ද සදහන්.
 
කෙසේ වෙතත් බ්‍රසීලයේ සිදුවන මරණ සම්බන්ධයෙන් එරට ජනාධිපති කියා සිටියේ, තමන් මේ සම්බන්ධයෙන් කණගාටු වනවා මෙන්ම කිසිදු ප්‍රාතිහාර්යයන් කළ නොහැකි බවයි.

 මෙම ප්‍රකාශයත් සමග ජනතාව ජනාධිපති බොල්සනාරෝ සම්බන්ධයෙන් දැඩි ලෙස විවේනයට ලක් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top