යාපනය සරසවි පෙම්වතියට ලැබීමට සිටි බිළිඳා ඉවතට ගෙන වළ දැමූ පෙම්වතා කළ නරුම වැඩක්, සියලු තොරතුරු මෙන්න
Friday, 01 May 2020 - 10:06 | Views - 508
යාපනය චුන්නාගම් පොලිස් වසමේ ඉනුවිල්, මරදනාමඩම් ප්‍රදේශයේ පෙම් යුවළක් විසින් ඔවුන්ට ලැබීමට සිටි දරුවකුගේ බිලිඳු කලලයක් වළදමා ඇති බවට අනාවරණය වීමෙන් පසුව එම පෙම් යුවළ අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාගම් පොලිසිය පවසනවා.
පෙම් යුවළ විසින් වළ දැමුවේ යැයි පැවැසෙන කලලය ඊයේ (30දා) දිනයේදී යාපනය මහෙස්ත්‍රාත්තුමන් ඉදිරියේදී ගොඩගැනීමටද පියවර ගෙන තිබුණා.
අදාළ සැකකාර පෙම් යුවළගේ පෙම් සබඳතාවන් මත විරෝධය පළවීම හේතුවෙන් දෙදෙනාම නිවෙස්වලින් ඉවත්ව යාපනය මරනමඩම් පිහිටි කුලී ස්ථානයක ජීවත්ව ඇති අතර එහිදී පෙම්වතියට දරුවකු ලැබීමට නියමිතව තිබී ඇති බව සඳහන්.
මේ නිසා දරුවා නැති කිරීමට දෙදෙනා විසින් තීරණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව කලලය ඉවතට ගැනීමට වෛද්‍යවරයකුගේද සහාය ලැබී ඇති බවට සැක පහළ වී තිබෙනවා.
අසල්වැසියකු විසින් දුන් තොරතුරක් මත පොලිසිය විසින් අදාළ පෙම් යුවළ පෙරේදා (29දා) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පෙම්වතිය යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවියක් බවටද අනාවරණය වී තිබෙනවා.
මුලතිව් ශෂි කුමාර්
මව්බිම පුවත්පත
Share This Article