ඇමරිකානු ඔත්තු සේවා CORONA ගැන හොයාගත්ත දේ මෙන්න
Friday, 01 May 2020 - 9:45 | Views - 721
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට තිස් තුන් ලක්ෂය ඉක්මවා ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ 33,000කට අධිකයි.

ඒ අතරින් කොරෝනා මරණ 63,856ක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඇමරිකාවේ කොරෝනා මරණ ඊයේ දිනයේදී වියට්නාම යුද්ධයෙන් මිය ගිය ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව ද අභිබවා ගියා.
 
ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද මේ වන විට දස ලක්ෂ 95,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව ඉතාලියෙන් කොරෝනා මරණ 27,000ක්, එක්සත් රාජධානියෙන් මරණ 26,000ක් මෙන්ම ස්පාඤ්ඤය සහ ප්‍රංශයෙන් 24,000කට වැඩි කොරෝනා මරණ වාර්තා වනවා.
 
මේ අතර, ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස්, කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ලෝක බලවතුන් සහ ජාත්‍යන්තර ප්‍රජාව බෙදී සිටීම පිළිබදව කණස්සල්ල පළ කළා.
 
එමෙන්ම, දුප්පත් රටවලට කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි සටනේදී ප්‍රමාණවත් සහයක් නොලැබෙන බවයි ඔහු කියා සිටියේ.
 
ජගත් සංවිධාන මහලේකම්වරයා මේ බව සදහන් කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය මුල් කර ගෙන චීනයට එරෙහි වාග් සංග්‍රාමය උත්සන්න කරද්දීයි.
 
කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් පවසන පරිදි කොවිඞ් නයින්ටීන් වෛරසය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් නොවන බව ඇමරිකානු ඔත්තු සේවා අංශ ඊයේ තහවුරු කළා.
 
පරීක්ෂණ තවදුරටත් සිදුවන අතරතුර, එය විද්‍යාත්මක නිර්මාණය කරන ලද වෛරසයක් විය නොහැකි බවයි එක්සත් ජනපද ජාතික ඔත්තු සේවාවේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ.
 
මේ අතර, කොවිඩ් 19 වෛරසය විද්‍යාගාරයක් තුළ නිපදවූවක් බව අනාවරණය වී ඇතැයි ප්‍රංශ වෛරස විශේෂඥයෙකු වන මහාචාර්ය ලුච් මොන්ටේනියර් ප්‍රංශ රූපවාහිනි නාළිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අවධාරණය කළා.
 
වෛරසය පාලනය කළ හැකි ඖෂධ සාර්ථකව අත්හදා බැලීම වෙනුවෙන් ඔහු 2008 වසරේ දී නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවා.
Fmtnews | Spain 'far from victory' in virus fight, says PM - Spain
CGTN on Twitter:
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top