හිඟුරක්ගොඩ 46 හැවිරිදි සිව්දරු මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම
Friday, 01 May 2020 - 9:39 | Views - 616
සිය නිවසේ වතුර මෝටරයට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී විදුලිය සැර වැදීමෙන් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ 46 හැවිරිදි සිව්දරු මවක් ඊයේ (30) දින මියගොස් ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ, 6 වෙනි පටු මග , පල්ලිය පාර ලිපිනයේ පදිංචිව සිටි ජි.ඒ. නිරෝෂනි ප්‍රියංකා නමැති කාන්තාවක්.
හිගුරක්ගොඩ පොලිසිය විසින් කළ විමර්ශන අනුව මියගිය අය විසින් මුළුතැන්ගෙයි සිට ළිද අසල වතුර මෝටරයක් ක්‍රියාත්මක කරවීම සඳහා අනාරක්ෂිත විදුලි රැහැනක් එයට සම්බන්ධ කිරීමට යාමේදී විදුලිය සැරවැදී තිබෙන බව අනාවරණයවී තිබෙනවා.
Share This Article