සංවර්ධනය වෙමින් පවතින රටවලට, ලෝක ආහාර වැඩසටහනෙන් කොවිඩ් 19 ආධාර
Friday, 01 May 2020 - 9:36 | Views - 721
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා ගුවනින් ආධාර සැපයීමේ වැඩසටහනක් ලෝක ආහාර වැඩසටහන ඊයේ ආරම්භ කළා.
ඒ අනුව බෙල්ජියමේ ලියේජ් ගුවන් තොටුපළේ සිට ටොන් 16ක වෛද්‍ය සැපයුම් සහ ඖෂධ රැගත් බෝයිං 757 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් අප්‍රිකාවේ බර්කිනා - ෆාසෝ රාජ්‍යය බලා නික්මුණා.
ලෝක ආහාර වැඩසටහන මෙම මානුෂීය ආධාර වැඩපිළිවෙල යටතේ මසකට සැපයුම් ගුවන් ගමන් 350ක් පමණ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා අඩිස් අබාබා, ගුවන්ෂු, ජොහැන්නස්බර්ග්, ඩුබායි ඇතුළු ගුවන් තොටුපළ 9ක් යොදා ගැනෙනවා.
මුව ආවරණ, අත්වැසුම්, ඖෂධ, සිරින්ජර් ඇතුළු වෛද්‍ය උපකරණ ආදිය මෙම වැඩසටහන යටතේ සපයන අතර එමගින් ඉදිරියේදී ලොව රටවල් 120ක් ආවරණය කිරීමට අපේක්ෂා කරන බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කළා.
Share This Article