නිරෝධායන රෙගුලාසි උල්ලංගණය කළ නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු 8ක් අත්අඩංගුවට
Friday, 01 May 2020 - 8:52 | Views - 904
ඇඳිරි නීතිය සහ නිරෝධායන රෙගුලාසි උල්ලංගණය කරමින් ගිනිගත්හේන - අඹගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පැන් පානය කරමින්, ඔට්ටුවට සූදු ක්‍රීඩා කළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලීසි මගින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔට්ටු ක්‍රීඩා සඳහා යොදා ගත් මුදල්, මත්පැන් බෝතල් කිහිපයක් සහ සභාපතිවරයාගේ පෞද්ගලික වාහනය ඇතුළු වාහන කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article