කොරෝනාවෙන් බැට කන ඇමරිකාව යළි කළඹමින්, ට්‍රක් රථ තුළින්, නරක් වූ මළසිරුරු හමුවෙයි
Friday, 01 May 2020 - 8:47 | Views - 8,061
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ සමහර ලොරි රථ තුළ මළ සිරුරු ගබඩා කර ඇති බවට නගරවාසීන් චෝදනා කරනවා.
 
ඒ බව හෙළිවී ඇත්තේ හමා ආ "ඉවසිය නොහැකි" දුර්ගන්ධයක් පිළිබඳ ව නගරවාසීන් විසින් බලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව සිදුකළ සොයා බැලීමකදී ය.

තවදුරටත් කරුණු සොයා බැලීමේදී හෙළිවූයේ නිව් යෝර්ක් නගරයේ පිහිටි අවමංගල සේවා සපයන ප්‍රකට සමාගමක් කුළීයට ගත් ට්‍රක් රථ තුළ අයිස් සමග මළ සිරුරු ගබඩා කර ඇති බවය.
 
එවැනි එක් ට්‍රක් රථයක තිබී මළ සිරුරු 50ක් හමු වී තිබේ.
 
තම ආයතනයේ අධි ශීතකරණ ක්‍රියා විරහිත වීම නිසා එවැනි තීරණයක් ගත් බව සමාගම පවසා ඇත.
 
එය හෙළිවීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ එම ප්‍රදේශය හුදකලා කර තිබේ.
 
ආරක්‍ෂිත ඇඳුම්වලින් සැරසුනු සේවකයින් එම සිරුරු ඉවත්කළ බව පැවසේ.
 
මෙම සිරුරු කොරෝනා වෛරසය අසාදනය වී මියගිය අයගේ ද යන්න මෙතෙක් තහවුරු වී නැත.
 
නමුත් නිව් යෝර්ක් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් විශාල ගණනක් මියයෑම නිසා අවමංගල සේවා සපයන ආයතන දුෂ්කරතාවයකට පත්ව සිටින බව නිලධාරීහු පවසති.
 
කොරෝනා වෛරසය නිසා මේ වනවිට ඇමෙරිකානුවන් 60,000ක් පමණ මියගොස් ඇති අතර නිව් යෝර්ක් නගරයේ පමණක් 18,000ක් මරණයට පත්ව තිබේ.



Overwhelmed undertakers stored 50 rotting coronavirus corpses in ...Dozens of decomposing corpses found in moving trucks in New York
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top