හැට්ටි‍්‍රක් එක බේරගන්න ප්ලේස් කරන්න තියෙන මට ඩෙ‍්‍රසින් රූම් එක ඇතුලෙ විනාඩි හතළිහක් විතර බිත්තර තම්බ තම්බ ඉඳලා යන්න සිදුවුණා
Friday, 01 May 2020 - 8:38 | Views - 722
‘මම පළමු ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගි වුණේ 1990 දී ඉන්දියාවට එරෙහිව. එදා මම තරගයට ක්‍රීඩා කළාට බැට් කරන්න හම්බ වුණේ නැහැ. ඒත් මට පීඩනයක් තිබුණේ නැහැ අර්ජුන අයියා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ‘කළු’ බය වෙන්න එපා කියලා මගේ හිත හැදුවා. ඒ වගේම අර්ජුන අයියා කොහේ හරි උත්සවයකට එළියට යනවනම් මාවත් එක්කගෙන ගියා. හැම තැනම අපි එක පවුලක් විදිහට පුදුම බැඳීමකින් තමයි ඒ කාලේ හිටියේ.’’

‘මට ටෙස්ට් වරම් ලැබුණු තරගය සහ ඒ ඉනිම කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒ ඉනිම මට වගේම මගේ ආදරණීය ක්‍රිකට් රසිකයන්ටත් ගොඩක් මතකයි. 1992 එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව තමයි මට ටෙස්ට් වරම් ලැබුණෙ. කොහොම හරි මට බැට් කරන්න යන්න වුණේ හැට්ටි‍්‍රක් එකක් යන්න තිබුණ අවස්ථාවක් බේරගන්න. ඒ වෙලාවෙ ග්‍රෙග් මැතිව්ස්ගේ පිට පිටම පන්දු දෙකකට අරවින්ද ද සිල්වා සහ මාවන් අතපත්තු දැවී ගිහින් තිබුණේ. හැබැයි මාවන් අවුට් වෙච්ච ගමන් ලන්ච්වලට මැච් එක නැවැත්තුවා. මට මතකයි මාවන් එදා බිංදුවට දැවී ගියේ පිට පිටම තුන්වැනි වතාවට. ඔහු ඩෙ‍්‍රසින් රූම් එකට ඇවිල්ලා හිටියේ ගොඩක් කණගාටුවෙන්. එයාට ඇඩෙන්න තරම් දුකෙන් හිටියා මම දැක්කා. ඒ වෙලාවෙ හැට්ටි‍්‍රක් එක බේරගන්න ප්ලේස් කරන්න තියෙන මට ඩෙ‍්‍රසින් රූම් එක ඇතුලෙ විනාඩි හතළිහක් විතර පපුවෙ බිත්තර තම්බ තම්බ ඉඳලා යන්න සිදුවුණා.’’

‘‘මම පළමු බෝලයට ගහනකොට මගේ වටේටම උඩ පන්දු රකින්නන් තියලා එක එක කියුම් මට කිව්වා. මම පළමු බෝලය අල්ලලා හැට්ටි‍්‍රක් එක බේරගත්ත. මම යනකොට යනකොට එහා පැත්තෙ බැට් කර කර හිටියේ අසංක ගුරුසිංහ. එයා මට කිව්වා ඔයාගෙ නෝමල් ගේම් එක ගහන්න කියලා. පස්සෙ මම මට පුරුදු විදිහට ගහගෙන ගියා. හැබැයි ලකුණු98 ක් ගත්තට පස්සෙ සියය ගහන්න ඕන කියලා පොඩි ෆ්‍රෙෂර් එකක් ආවා. එතනදි මම හිතුවා 98 ගැහුව්වනම් ඉතුරු දෙක ගහන්න මොන ෆ්‍රෙෂර්ද කියලා හිතාගෙන ශතකය ලබා ගත්තා.’’

‘‘මාව එක්දින තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස යොදවන්න ඕන කියලා අර්ජුන අයියා තමයි තීරණ කරලා තිබ්බෙ. මොකද ඔස්ට්‍රේලියාවේ බෙන්සන් ඇන්ඞ් හෙජස් තරගාවලිය අපිපැරදිලා හිටියේ. එදා පුහුණුකරු ඬේව් වට්මෝර් මාව ආරම්භක පිතිකරුවකු කරනවට කැමැත්ත් තිබුණෙ නැහැ වගේ කතාවක් තිබුණා. මම එතකොට අලූත් පන්දුවට ගහලා තිබුණෙ නැහැ. මැච් එකට ඉස්සර වෙනිදා මට අලූත් පන්දුවට ගොඩක් වෙලා බැට් කරන්න දුන්නා. ඒ පුහුණු සැසියෙදි තමයි පළමුවෙන්ම මම අලූත් පන්දුවට ගැහුව්වේ.’’

‘‘මම අංක හත පිතිකරු ස්ථානයේ බැට් කර කර ඉන්නකාට තමයි ආරම්භක පිතිකරු ස්ථානය ලැබුණෙ. අංක හතෙන් ඇවිල්ලා ලොකු ඉනිමක් ක්‍රීඩා කරන්න අමාරුයි. මට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන්න ලැබෙනකොට මම කණ්ඩායමෙන් එළියට විසිවෙන්න ඔන්න මෙන්න කියලා හිටියේ. පළමුවෙන්ම ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරපු තරගයේදී මම ලකුණු 77 ක් ගහලා තරගයේ වීරයා වුණා. එතන ඉදලා පිට පිටම තරග තුනකදී වීරයා වුණා. මමයි සනතුයි ඕපන් කරන කාලේ පන්දු යවන්නා කවුද කියන එක වැඩක් නැහැ.’’

‘‘මට අමතක නොවන පන්දුවක් වැදුනෙ ඔස්ට්‍රේලියාවේ. වේග පන්දු යවන්නා වුණේ ජේසන් ගිලෙප්සි. මගේ හෙල්මට් එකේ හරි මැදට බෝලෙ වැදුනා. පස්සෙ ඇලෙක්ස් කොන්ටෝරි ඇවිල්ලා බලනකොට මම කිව්වා නැහැ මට බැට් කරන්න පුළුවන් කියලා ලෑස්ති වුණා. ඒත් ඇලෙක්ස් කිව්වා විනාඩි දෙකක් ගන්න කියලා. ටිකක් වෙලා යනකොට මාව අන්ද මන්ද වෙලා කරකැවෙනවා වගේ දැනුණා. බැරි වෙලාවත් ඊළඟ බෝලයට බැට් කරානම් ඒකත් වදිනවා.’’

‘‘මම ගහන කාළෙ කඩුලූ රකින්නන් නව දෙනකු ට්‍රේනින් කළා. ඒත් මම සටන අතහැරියේ නැහැ. පස්සෙ අන්තිම කාලෙදි සංගක්කාර කණ්ඩායමට ආවා. මට තේරුනා එයා මගේ කඩුලූ රකින කාර්යට හොඳට කරයි කියලා. මම කොහොමත් හිතන් හිටියේ මගේ වැඬේ කරන්න පුළුවන් කෙනෙක් ආවොත් සමුගන්න. ඒක සංගක්කාරගෙන් දැක්ක හින්දා ක්‍රිකට් වලින් සමුගත්තා. එදා මගේ තැන ගන්න සංගා සුදුසු නොවුණනම් මට තවදුරටත් ක්‍රීඩා කරන්න තිබ්බා.’’

‘‘ඒ දවස්වල මම බැට් කරද්දී අරවින්ද වැඩිය කතා කරන්නෙ නැහැ. හැබැයි අසංක ගුරුසිංහ නිතරම කතා කරලා අපිව අවුට් නොකර තියා ගන්න උත්සහ කරනවා. අර්ජුන අයියත් එක්ක දවසක් තරගය දිනවන්න තිබුණ අවස්ථාවක එයා මට සියයක් ගහන්න චාන්ස් එක දුන්නා.’’

අසේල විතාන
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top