මංගලටත් ජනපතිගෙන් පිළිතුරු
Friday, 01 May 2020 - 8:35 | Views - 980
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරටද ලිපියක් යොමුකරනු ලැබුවා.
ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලා යැවූ ලිපියට පිළිතුරක් ලෙසයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 - තුන වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මගින් අලූත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 03 ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බවයි.
Share This Article