තමන් ගැන නොහිතා කොරෝනා රෝගීන් වෙනුවෙන් කැපවුණ කුලී රථ රියදුරාට රෝහලෙන් ලැබුණ අපූරු පුදුම කිරීම
Friday, 01 May 2020 - 8:32 | Views - 522
මේක කොරෝනා වසංගතයට බිලිවීමෙන් ලෝකය පුරා විශාල පිරිසක් අහිමි වුන මොහොතක්.
 
ආසාදනයට ලක්වුණ තවත් විශාල පිරිසක් ඇඳන් මත ජීවිතය යදිමින් ඉන්න මොහොතක්. මුළු ලෝකයම එකම විනාශයකට ඇද දමමින් ඉන්න මොහොතක්.

ලංකාවේ අපි හැමෝටම වගේම ලෝකය පුරා රටවල් විශාල ප්‍රමාණයක් තවමත් මේ වසංගතයෙන් පීඩා විඳිනවා කියන එක රහසක් නෙමෙයි.
 
හැම රටකම රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ අපේ රටේ වගේම තමන්ගේ රටවැසියන් බේරාගන්න ලොකු සටනක් දෙන ගමන් ඉන්නවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල සහෝදර ජනතාව දිවා රෑ නොබලමින් තමන්ගේ ජීවිත පවා කැප කරමින් කොරෝනා වසංගතයට බිලිවුණ මේ අහිංසක ජීවිත බේරගන්න ලොකු සටනක් දෙනවා.
 
මේ අතරේ කොරෝනා වසංගතය නිසා ඉතා විශාල පීඩාවට පත්වුණ ස්පාඥ්ඥ පැත්තෙන් බොහොම අපූරු කතාවක් වාර්තා වෙනවා.
 
ගොඩක් වෙලාවට ලොකුවට කතා බහ නොකෙරුණත් මේ වෙලාවේ තමන්ට හැකි උපරිමයෙන් අනෙක් කෙනාට සහයක් වන්න දරමින් ඉන්න කාලයක් මේක. තත්ත්වය තරාතිරම නොබලා එකිනෙකාට උදව් කරගන්න මනුස්සකම් පෙන්නන්න ලෝකය අය මේ වෙද්දී දෙපාරක් හිතන්නේ නෑ. මේකත් ස්පාඥ්ඥයේ හිටපු මනුස්සකම් පිරුණ ඒ වගේ කෙනෙක් ගැන කතාවක්.
 
මේ වෙද්දී ඉතා විශාල පිරිසක් කොරෝනා ආසාදනයට ලක්වෙලා ඉන්න ස්පාඥ්ඥයේ බොහොම උනන්දුවෙන් කොරෝනා රෝගීන් නොමිලේම රෝහල වෙත ගෙන එන, ගෙන යන අපූරු කුලී රථ රියදුරෙක් ගැන හැම තැනම මහ ඉහළින් කතා කරනවා. මේ මනුස්සයා තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ කරන සේවය ගැන හැමෝම අගය කරන්න පටන් ගත්තා.
 
දවසක් මොහුට දුරකථන ඇමතුමක් එනවා. රෝහලේ ඉන්න රෝගියෙක් රැගෙන යන්න එන්න කියලා. කිසිදෙයක් දන්නේ නැති ඔහු සුපුරුදු පරිදි තමන්ගේ සේවයට වාර්තා කරනවා.
 
ඔහු රෝහලට ඇතුළු වෙද්දීම හරි පුදුම දෙයක් වෙනවා. වෛද්‍යවරු, හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ඔහු එන මග දෙපස රැඳී සිටිමින් අත්පොලොසන් දෙනවා. මේ ඔහුගේ සේවයට ඔවුන් දක්වන ආචාරයක්. හිත් සතුටු වෙන හරිම අපූරු පුදුම කිරීමක්. ඒ විතරක් නෙමෙයි ඔහුට ලැබෙනවා මුදල්වලින් පුරවපු ලියුම් කවරයක්.
 
කරුණාවන්ත රෝහල් කාර්යමණ්ඩලය ඔහුගේ මේ කැපකිරීමට කෘතගුණ දක්වලා තිබුනේ මෙහෙමයි. ලෝකය පුරා හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක් බවට පත්වෙන්න මේ අපූරු රියදුරාට හැකියාව ලැබුනේ එහෙමයි.
 
රිද්මි පතිරණ
මව්බිම


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top