අඩුපාඩු මඟහරවා කොරෝනා මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතුයි
Friday, 01 May 2020 - 8:20 | Views - 630
අඩුපාඩු සහ මග හැරීම් සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන වැඩපිලිවෙල සාර්ථක කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයින් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

වෛරසය මර්දනය කිරීමේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත් වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් ඒ සඳහා මේ වනවිටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව එම හමුවේදී කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයින් පෙන්වා දෙනු ලැබුවා.

වෛරසය මර්දනයට එන්නතක් සොයා ගන්නා තෙක් ඉන් මිදීමට ඇති වැදගත්කම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

ඊයේ පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

දැනටමත් වෛද්‍යවරුන් මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ, ඖෂධ, ධූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ඇඳිරි නීති කාල සීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී කරුණු පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට 21,000 කගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, ඉන් වෛරසය ආසාදිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3% ක පමණ පිරිසක්. මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිලිවෙලේ සාර්ථක පැතිකඩක් බවයි වෛද්‍යවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ.

තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුළ නිෂ්පාදනය කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.

එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, එහි නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top