රසික සිත් හඬවමින් ඉන්දීය සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වූ රිෂි කපූර් අවසන් ගමන් ගිය හැටි
ඉන්දීය සිනමාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වූ ජනප්‍රිය නළු රිෂි කපූර් මුම්බායි රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.
කලක් පිළිකා රෝගයකින් පෙළුණු ඔහු මිය වනවිට පසුවූයේ 67 වන වියේයි.
ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන රාජ් කපූර්ගේ පුත්‍රයෙකු වන රිෂි කපූර් 1970 වසරේ දී ළමා නළුවෙකු ලෙස සිනමාවට පිවිසියේ තම පියා අධ්‍යක්ෂණය කළ ‘‘මේරා නම් ජොකර්“ චිත්‍රපටයෙන්.
බොබි, කපූර් ඇන්ඩ් සන්ස් සහ නාගීනා යන චිත්‍රපට රිෂි කපූර් රංගනයෙන් දායක වූ රසික ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපට කිහිපයක්.
මේ වනවිට බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රන්බීර් කපූර් අභාවප්‍රාප්ත වූ රිෂි කපූර්ගේ පුත්‍රයෙක්.
ඔහුගේ දේහය පිළිබඳ අවසක් කටයුතු සිදු කෙරුණු අයුරු පහතින්.






