සහල් හිඟයක් පවතින බවට තොරතුරු - වැටලීම් ඇරඹේ
Thursday, 30 April 2020 - 20:59 | Views - 643
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය කොබයිගනේ ප්‍රදේශයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති බී.කේ.රංජිත් කියා සිටියේ මහා පරිමාණ වී මෝල් හිමියන් ප්‍රමාණවත් පරිදි සහල් වෙළඳපොලට නිකුත් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
මෙවර සිංහල දෙමළ අලූත් අවුරුද්දට පෙර රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කළේ මෙලෙස තොග එක්රැස් කර තබා ගන්නා මහා පරිමාණ වී මෝල් වැටලීම සඳහා තම අධිකාරියේ නිලධාරීන් දැනටමත් කටයුතු කර ඇති බවයි.
Share This Article