කොරෝනා පැතිරවූ පොකුරු 31න් 27ක් නිෂ්ක්‍රිය කෙරේ
Thursday, 30 April 2020 - 20:30 | Views - 1,709
කොරෝනා ව්‍යාප්ත වීමේ වැඩි අවදානම සහිතව මෙතෙක් හඳුනා ගත් ආසාදිතයන් පොකුරු 31 න් 27 ක් මේ වනවිට නිෂ්ක්‍රිය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉතිරි පොකුරු හතරෙන් වැඩි අවදානමක් පවතින්නේ එක් හඳුනා ගත් කණ්ඩායමක බවයි.

මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හෙද කාර්ය මණ්ඩලයද පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.

එසේම, අවදානම් ප්‍රදේශවල රාජකාරි කටයුතුවල නිරතවන පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 2500 දක්වා ඉහළ නැංවිය යුතු බවයි.

මේ අතර, නිරෝධායන මධ්‍යස්ථාන තමන් භාරයට පත්කරන ලෙස රජයේ ආයූර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා භාවිතයට ගන්නා මුඛ ආවරණ රෝග වාහකයෙකු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

මේ අතර, බාහිර රෝගී පරිශ්‍රය තුළ රඳවා ගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව සිමීත වීම හේතුවෙන් සාමාන්‍ය පරිදි සායන හා බාහිර රෝගී සේවා පවත්වාගෙන යාමේ අපහසුතාවයක් පැන නැගී ඇති බව ජාතික අක්ෂි රෝහල පවසනවා.

ඒ අනුව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වනතුරු හදිසි අනතුරු සේවාව සහ හදිසි අක්ෂි ආබාධ සඳහා වන රෝගී සේවා පමණක් පවත්වාගෙන යෑමට ජාතික අක්ෂි රෝහල තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය තත්ත්වය හමුවේ වරායට ආනයනය කර ඇති වාහන මුදා ගැනීම ගැටලූවක් නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කළා.

එසේම, ඉන්දියාවේ රැඳී සිටි තවත් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 125 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 1118 දරණ යානය කොල්කටා නුවර සිට අද පස්වරු 5.20 ට දිවයිනට පැමිණියා.

මීට පෙර අවස්ථා හතරකදී ඉන්දියාවේ සිටින මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ශ්‍රි ලාංකිකයන් දිවයිනට රැගෙන එනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top