අද රාත්‍රී 8 සිට මැයි 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය
Thursday, 30 April 2020 - 20:25 | Views - 611
අද රාත්‍රී 8 සිට මැයි මස 4 වන සඳුදා අලූයම 5 දක්වා කාලය තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 8 සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද අලූයම පහට ඉවත් කෙරුණා.
කෙසේ වෙතත්, අද රාත්‍රී 8 සිට සඳුදා අලූයම 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා.
මේ අතර, ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාව ගත වූ දින කිහිපයට සාපේක්ෂව නගර වෙත පැමිණීමේ වර්ධනයක් අද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
Share This Article