මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 14ක්
Thursday, 30 April 2020 - 18:35 | Views - 776
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 14 දෙනෙකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව පොලිසිය පවසනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් හරහා මෙම වෛරසය නාගලගම්වීදිය මෙන්ම ගුණසිංහපුර යන ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවයි.

කොළඹ අවට මහල් නිවාස සහ වතු ආශ්‍රිත ජනතාව මෙම වෛරසය ව්‍යාප්තිය පිළිබඳ වඩා සැළකිලිමත් විය යුතු බව ද අජිත් රෝහණ මහතා මෙහිදී සඳහන් කළා.   

එම මහල් නිවාසවල සහ වතු ආශ්‍රිතව බාහිර පුද්ගලයෙකු පැමිණ නවාතැන් ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉඩ ලබා නොදිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

එලෙස පැමිණිය හොත් සෞඛ්‍ය බලධාරීන්ට හෝ පොලිසියට දැනුම්දෙන ලෙසට ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කළා.

එලෙස නවාතැන් ලබාදෙන්නේ නම් අදාළ නිවෙස් හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ පියවර ගන්නා බවයි ඔහු කියාසිටියේ.

විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් ආසාදිත පොකුරු නිර්මාණය වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් සමාජ දුරස්ථභාවය ද අතිශය වැදගත්වන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල ජනතාව නිවෙස්වලින් බැහැරට පැමිණිය යුත්තේ ආහාර හෝ ඖෂධ මිලදී ගැනීමට පමණක් බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top