ගොවීන්, පාරිභෝගිකයන් සහ නිෂ්පාදන සැපයුම්කරුවන් අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ගැන ජනපතිගේ අවදානය
Thursday, 30 April 2020 - 16:34 | Views - 651

ගොවීන්, පාරිභෝගිකයන් සහ නිෂ්පාදන සැපයුම්කරුවන් අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවදානය යොමුවී තිබෙනවා.
කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යංශ ලේකම්වරුන් සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා.
එහිදී තොග සැපයුම්කරුවන්, තොග ගැණුම්කරුවන්, භාණ්ඩ එකතු කරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැණුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි භෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
කෘෂි අස්වැන්න සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරග කිරීමේ හැකියාව ලබාදීමට ද මෙමගින් අපේක්ෂා කෙරෙනවා.
පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධවීමේ හැකියාව තිබිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
මෙහි අවසන් ප්‍රතිඵලය ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව ද ඔහු සඳහන් කළා.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තාක්ෂණය මගින් සම්බන්ධ කරමින් ගොවීන් සහ ගැණුම්කරුවන් පහසුවෙන් සම්බන්ධ කිරීමට ඩිජිටල් තාක්ෂණය යොදාගත හැකි අතර එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබාගැනීමට හැකිවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී කියාසිටියේ පාරිභෝගික අවශ්‍යතා සමීක්ෂණයට ද මෙම ක්‍රමය යොදාගත හැකි බවයි.
මධ්‍යම ගමනාගමන මණ්ඩලය දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුව ද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට යොදාගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
Share This Article