ආනයනය කර ඇති වාහන මුදා ගැනීමට ගැටළුවක් නැහැ
Thursday, 30 April 2020 - 15:52 | Views - 901
කොරෝනා වෛරසය තත්ත්වය හමුවේ වරායට ආනයනය කර ඇති වාහන මුදා ගැනීම ගැටළුවක් නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

ඒ අනුව, දේශීය වාහන ආනයනකරුවන් විසින් දැනට කොළඹ වරාය වෙත ගෙන්වා ඇති සියලූ වාහන ප්‍රමාදයකින් තොරව මුදා ගැනීමට අවශ්‍ය පහසුකම් අදාළ ආයතන මගින් සලසා ඇති බවයි වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

දැනට ECT පර්යන්තයේ පමණක් බහාලුවලින් මුදා අංගන කර ඇති වාහන 400ක් පමණ සහ සැළකිය යුතු අතිරේක ප්‍රමාණයක් UCT පර්යන්තයේ ද මේ වන විට ගාල්කර තිබෙනවා.

මෙම තත්වය කොළඹ වරායෙහි භාණ්ඩ මෙහෙයුම්වලදී පර්යන්ත කළමනාකරණයට විශාල ගැටළුවක් වී ඇති බවයි වරාය අධිකාරිය පෙන්වා දෙන්නේ.

එබැවින් මෙම අංගන කර ඇති වාහන ඉතා ඉක්මනින් වරාය පරිශ්‍රයෙන් ඉවත්කර ගන්නා ලෙසට අදාළ ආනයනකරුවන් වෙත ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දෙනවා.

එසේම, නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරිම සඳහා සිදුකරන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ තොගයක් අද නාවික හමුදාව වෙත ලබාදී තිබෙනවා.

ඒ කොරියාවේ - බුසාන් සමුද්‍ර හා සාගර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විසින්.

එමෙන්ම, විවිධ සංවිධාන සහ ආයතන මගින් ද නාවික හමුදාව වෙත මේ වනවිට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර ලබාදී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top