කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හෙද කාර්ය මණ්ඩලය ද පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය බළධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.
ප්‍රථමයෙන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ හෙද හෙදියන්ගේ පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ යුතු අතර, නැතිනම් ඔවුන් තුළ අනියත බියක් ඇතිවිය හැකි බවයි එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මීට අමතරව, සමස්ත හෙද කාර්ය මණ්ඩලය ද පියවරෙන් පියවර පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කළ යුතු බවයි උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වෙන්නේ.