පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් යළි කැදවීම මැයි පස්වනදා දක්වා කල් තැබුණා.
ඒ ඊට අදාළව මොහුගේ බිරිඳ සහ සොහොයුරෙකු ගොනු කර තිබූ පෙත්සම් දෙක කුමුදුනී වික්රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
පෙත්සම්වල වගඋත්තරකරුවන් වන නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අභියාචනාධිකරනය හමුවේ පෙනී සිටියේ නැහැ.
එහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ වගඋත්තරකරුවන්ට නැවත නොතීසි නිකුත් කරන ලෙසයි.
එමෙන්ම එකම කරුණක් සම්බන්ධයෙන් පෙත්සම් දෙකක් ගොනු කිරීම සම්බන්ධයෙන් ඊළඟ නඩු වාරයේදී කරුණු ඉදිරිපත් කරන ලෙසද මෙහිදී පෙත්සම්කාර පාර්ශවයට නියෝග කෙරුණා.