ඉන්දියාවේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට
Thursday, 30 April 2020 - 15:17 | Views - 386
ඉන්දියාවේ කොටුවී සිටින මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් තවත් යානාවක් අද පෙරවරු 10.15ට පමණ කටුනායක ගුවන් තොටුපලෙන් කොල්කටා බලා පිටත්ව ගියා.
යූ.එල්. 1118 දරණ මෙම යානය පස්වරු 5.15ට පමණ යළි දිවයිනට පැමිණීමට නියමිතයි.
මීට පෙර අවස්ථා හතරකදී ඉන්දියාවේ සිටින මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගනු ලැබුවා.
එමෙන්ම නේපාලයේ සහ බංග්ලාදේශයේ රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කළා.
Share This Article