කොරෝනා නිසා රට වසා දමා තිබෙන කාලයේ එංගලන්තයේ ළමා අපචාර ඉහළ ගිහින්
Thursday, 30 April 2020 - 15:12 | Views - 1,387
එංගලන්තයේ ළමා අපචාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි 20% පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
කොරෝනා වෛරසය පැතිරීමට සමගාමීව විවිධ සීමාවන් පැනවීමත් සමග මේ තත්වය ඉහළ ගොස් ඇති අතර පළමු මාසයේ පමණක් මෙවැනි මානසික අපයෝජන 529 සිට 792 දක්වා වැඩි වී ඇති බව ළමා අපචාර මැඩලීම පිළිබඳ සංවිධානය පෙන්වා දෙනවා.
රට වසා දමා තිබූ මාර්තු 23 සහ අප්‍රේල් 19 කාලය තුල පැමිණිලි 1867 සිට 2216 දක්වා වැඩි වී තිබෙන බව සඳහන්.
Share This Article