වූහාන්වලින් ආරම්භ වූ කොරෝනා වසංගතය ගැන, ආන්දෝලනාත්මක කතාවක් මෙන්න
Thursday, 30 April 2020 - 14:25 | Views - 2,814
කොවිඩ් _ 19 වසංගතයෙන් ලොවම විපතට පත්ව ඇති මොහොතක දේශපාලනයට එහා ගිය, විපතකින් මිදී ගන්නට වන අරගලයකට මුහුණ දෙන්නට සියල්ලන්ටම සිදුව තිබේ.

එහිදී රටවල් කිහිපයක් මෙය ඒ හැටි නොතකා හැරීමේ ප්‍රතිඵලය මත මේ වන විට ඉන් හොඳ හැටි බැට කමින් පවතී.
යම් තරමකට මීට මුහුණ දෙන්නට පිළිගත් රටවල් විශාල විපතකින් බේරීමේ සටනට උරදී එය සාමාන්‍ය තත්ත්වයට පත් කර ගන්නට වෙර වීරිය දරමින් සිටී.
 
ඇතැම් රටවල් ඉතා හොඳින් මේ අනතුරට මුහුණ දෙමින් එම විපත ඉතා අවම මට්ටමක පවත්වාගෙන යන්නට යුහුසුලු වෙමින් සිටී. ඒ කෙසේ වෙතත් විපතෙහි බරපතළකම ගැන කාට කාටත් වැටහෙමින් පවතී.
 
චීනය මේ විපත ඇති කිරීමට මුල් වුණැයි කියැවෙන ඇමෙරිකානු චෝදනාව අනුව මේ සියල්ල බෝ කර තිබෙන්නේ චීනයයි. එහෙත් චීනයට එවැනි විපතක් තම රට තුළම කරගන්නට තරම් වුවමනාවක් ඇති කරගත්තේ කෙසේ දැයි තර්ක කෙරෙන අවස්ථාද ඇත.
 
එහෙත් ඇමෙරිකානු විශේෂඥයන් බොහෝ දෙනාගේ මතය වන්නේ මෙය ඉතා රහසිගතව චීනය විසින්ම තැනූ වයිරසයක් බවත්, එය ඉතා උපායශීලීව එරට තම රට තුළද එක් පෙදෙසක මුදා හැර එය ක්‍රමානුකුලව ව්‍යාප්ත වීම වළක්වාලන ප්‍රතිකර්මද සහිතව මෙය ඇරැඹූ බවය.
 
තවත් විශේෂඥයන්ගේ අදහස වන්නේ චීනය මෙය සිදු කළේ උපායික වශයෙන් තම ආර්ථික යුද්ධය ජය ගැනීම් වස් ඉතා දිගු දුර ක්‍රියාන්විතයක් සහිතව බවය. ඒ අනුව ඇමෙරිකාව සහ යුරෝපය තුළ චීනයේ ආයෝජන මඟින් ආධිපත්‍ය තහවුරු කර ගැනීමත්, යම් බලපෑමක් කර ඉන් වාසි ලබා ගැනීමත්, චීනය තුළට ඉන් පිටස්තර රටවල ධන සම්පත් හා ආර්ථික උපාය උපක්‍රම හැසිරවීමේ අධිකාරී බලය ලබාගන්නට වන තත්ත්වය උදාකර ගැනීමත් සඳහා මෙය දිගුදුර විහිදුමක් ලෙස ඇරැඹූ බවත්ය.
 
කොවිඩ් _ 19 යනු එහි මුල් නාටකය බවත් චීනය සෙසු රටවලට වඩා වෙනස් මඟක යමින් තම රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවට ලෝකයටම අවබෝධ කර දී එහි වැඩි වාසිසහගත තත්ත්වයද තමන් වෙත ලබා ගන්නට මේ අනුව උත්සාහ කරන බවත්ය.
 
එසේ කීවත් එය තහවුරු කෙරෙන ප්‍රබල සාධක තවමත් චීනයට එරෙහිව මත පළ කරන්නන් පෙන්වා දී නැත. ඔවුන් තම තමන්ගේ රටවල කොවිඩ් _ 19 ව්‍යාප්තියෙන් වන තිගැස්ම මත ආර්ථික අතින්ද අසරණ තත්ත්වයකට පත්වෙමින් මේ තත්ත්වයෙන් මිදී කෙසේ රට යථා තත්ත්වයට පත් කරගම්දෝයි උභතෝකෝටිකයකය.
 
මෙම තත්ත්වය මත ලෝකයටම දැනගන්නට වූ එක් දෙයක් පිළිබඳ බොහෝ කතා බහ ඇත. එනම් කොතරම් දුරට සෞඛ්‍ය සේවාවන්ගෙන් දියුණු තත්ත්වයක සිටියේ යැයි කීවද ඇතැම් ධනවත් හා බලවත් යැයි කියූ රටවල් එම සෞඛ්‍ය පහසුකම් තිබියදීම මේ සා විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇති කරගත්තේ කෙසේ දැයි යන්නත්, ඉන් වැඩිපුර රෝගීන් ප්‍රමාණයක් මියගියේ ඇයි දැයි යන්නත් බරපතළ කතාබහකට ලක්ව ඇත්තේය.
 
ඒ ගැන ගැඹුරින් සොයා බැලූ විමර්ශකයන් කියා සිටින්නේ ප්‍රබලම රටවල් මුලදී මෙම වයිරසයෙන් විය හැකි විපත අවතක්සේරුවකට ලක් කළ බවයි.
 
එය එසේ වීමට බලපෑ ප්‍රබලම සාධකය ලෙස දක්වන්නේ, රෝග ව්‍යාප්තිය මේ තරම් බරපතළ ලෙස ඇති නොවේ යැයි සිතා ආර්ථිකමය සාධක මත ජනතාව දුරස්ථව තබා ගත යුතු තීරණ නොගත් බවයි. රටක් වසා දැමීමටත්, ඒ තුළ ජනතාව නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගි කර නොගැනීම තුළ වෙන ආර්ථික වාසි අත්විඳින්නටද බලගතු රටවල් කැමැත්තක් දැක්වූයේ නැති බවද කියැවේ.
 
ඒ නිසාම මේ සැහැල්ලුවෙන් සිතීමේ හා තීරණ ගැනීමේ තත්ත්වය ඉතාමත් නරක අතට පරිවර්තනය වී ඇමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය, බි්‍රතාන්‍යය වැනි රටවල් දැන් හතර ගාතෙත් වැටී ඇති සෙයකි.
 
මෙම තත්ත්වය හමුවේ චීනය ඉතාමත් ඉක්මනින් තම රට තුළ රෝග ව්‍යාප්තිය පාලනය කරගනිමින් සිටිමින් ‘අපි දැන් ගත කරන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන යන ගමනක. අපි නිෂ්පාදනය අරඹනවා. වරාය, ගුවන්තොටුපොළ විවෘත කර ලෝකයට සැපයුම් දෙනවා’ යන තත්ත්වයක පසුවෙයි.
 
චීනය බොහෝ රටවලට, විශේෂයෙන් ආසියාතික රටවලට සැපයුම් කරන ප්‍රධානම රට වන අතර ඒවා නිෂ්පාදන වශයෙන්ද ඒ ඒ රටවල ආයෝජන හරහා කරන නිපැයුම් වශයෙන්ද ක්‍රියාත්මක කරයි. චීනය අන් අයට කලින් ‘විපතින් අප මිදුණා’ යැයි කියන්නට උත්සාහ ගනිමින් සිටින්නේ, උත්සාහ ගන්නේ ඒ නිසාය.
 
සමස්ත ආසියානු කලාපය චීනය සමඟ එක්ව මේ සැපයුම් ජාලය හරහා යම් පිබිදීමක් කළොත් ඉතා ඉක්මනින් මේ වයිරසයෙන් ඇතිවූ වසංගත තත්ත්වයෙන් මිදුණොත් එය බටහිර රටවලට මරු පහරක් වන්නේය. ඉතා ඉහළ අගයක ආර්ථිකමය වශයෙන් නැඟිටගත් දියුණුවක් ඇති කර ගැනීම යනු බටහිර රටවලට බරපතළ තත්ත්වයකි.
 
කෙසේ වෙතත් චීනය කළේ උපායශීලී දෙයක් බවට සිතන තත්ත්වය තවමත් වෙනස් වී නැති අතර ජපානය මේ වයිරසයෙන් සොයා ගත් ‘ඇවිගන්’ ඔසුවේ යම් සාර්ථකත්වයක් තිබුණද බටහිර රටවල විද්‍යාගාර තුළ ඉතා ඉක්මනින් මේ වයිරසයට ඕනෑ කරන ඔසුව හදන ක්‍රියාන්විතය ඉතා රහසිගතව, ඉතා වේගයෙන් පර්යේෂණාත්මකව සිදු කරමින් සිටීමද විශේෂයකි.
 
එම ක්‍රියාන්විතයේ බරපතළ කොටස්කරුවන් වන්නේ ඇමෙරිකාව සහ බි්‍රතාන්‍යයයි. එය එක්තරා ආකාරයකට ජයගතහොත් ඔෟෂධයක් නිපැයීම මඟින් සෞඛ්‍යාරක්ෂිතව ඒ ඒ රටවල විසල් සමාගම්වලට ධන උල්පත් පාදන මහඟු ප්‍රතිඵල අත්කර දෙන්නට සමත්වේ.
 
ලෙඩ රෝග ඇතිවුණු සෑම මොහොතකම මේ කියන සමාගම් හැසිරුණු ආකාරය අනුව ඔවුන් ධන සම්පත් පාදාගත් ප්‍රතිඵල අත්පත් කරගත් ආකාරය පිළිබඳ ඉතිහාසයේ ඕනෑ තරම් සාධක ඇත. මෙය වෙස් වළාගත් ආශීර්වාදයක් ලෙස සිතා මේ තාක්ෂණ හා විද්‍යා මෙහෙයුම ඒ නිසාම ඉතා බරපතළ ලෙස ක්‍රියාත්මක වී ඇත.
 
ජපානය සොයාගත් කුරුලු උණ රෝගයට නිමැවූ ඔසු එකතුවෙන් ‘ඇවිගන්’ යන ඔෟෂධය සකසා ගත්තා සේම, එය තව තවත් දියුණු කර, පර්යේෂණාත්මක ඉතා ඉහළ සාර්ථක ඔසුවක් නිපදවීම උදෙසා දැනටමත් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ ඒ නිසා විය යුතුය.
 
එය එසේ වෙද්දී ඇමෙරිකානු සමාගම් හා බි්‍රතාන්‍ය සමාගම් ඉතාමත් යුහුසුලුව කොවිඩ් වසංගතයට ඉතාමත් සාර්ථක ඔසුවක් සොයාගන්නා මෙහෙයුමේ තියුණු තරගයක්ද පවතී. කවුරු කෙසේ සොයාගත්තද එහි පේටන්ට් බලපත්‍රය හිමි රාජ්‍යයට ධන සම්පත් ගලා එනු ඇත. සුව වීම හෝ සුව වීමේ අද්දරට පැමිණීම උදෙසා යම් සහනයක් ගෙන එන ඒ පුවත කවදා ඇහේදෝයි කියන්නට බැරිය.
 
මේ වෙළෙඳ යුද්ධය මතුපිටට පෙනෙන්නේ නැති එකක් වුවද එහි ජයග්‍රහණයේ පාර්ශ්වයන් කවුරුන් දැයි නුදුරු දිනෙක ලෝකයාට දැනගත හැකි වනු ඇත. එහෙත් මේ සියලු තරගකරුවන් මැද චීනය මීට සාර්ථකම ඔසුව කලින්ම සොයා ගතහොත් මේ සියලු තරගකරුවන්ට වැඩ වරදිනු ඇත. එම ඔසුව විකුණා ලබාගන්නා ධන සම්පත් චීනයට වැඩි වශයෙන් ගලා යනු ඇත. ඊට ඉතා හොඳ වෙළෙඳපොළක් ආසියානු කලාපයෙන්ද මැද පෙරදිග ඇතුළු අප්‍රිකානු රටවලින්ද ලැබෙනු ඇත. එතැනදී ඇමෙරිකාව, බි්‍රතාන්‍ය හා ප්‍රංශය වැනි රටවලටද එය දැනෙනු ඇත. ඊට හේතුව නම් ඒ රටවල ආර්ථික තීන්දු තීරණවලට වඩා රට කලඹන රෝගී ජනතාවගේ හඬ හා තත්ත්වය ප්‍රබල වන නිසාය.
 
ඊට අමතරව දකුණු කොරියාව, වියට්නාමය හා ශ්‍රී ලංකාව මේ වන විටත් වයිරසය පැතිරීයෑම වළක්වාලමින්, ඊට අවැසි යාන්ත්‍රණය විධිමත්ව ක්‍රියාත්මක කරමින් ඉතා හොඳ ඇගැයුමකට ලක්ව තිබීමද අමතක කළ යුතු නැත.
 
වියට්නාමය දේශසීමා වසා දමමින්, රෝග වාහකයන්ගේ අලගිය මුල ගිය තැන් සොයා යමින්, සමාජය බළමුළු ගන්වමින් වියට්නාමයට ආවේණික ක්‍රියාන්විතයකය. නිරෝධායනය බලාත්මක කිරීම අතින් ඉතා තදින් ක්‍රියාත්මක වන්නේය.
 
දකුණු කොරියාව ඉතා ඉහළ මැදිහත්වීමක් කරමින් Trace, Test, සහ Treat යන T ක්‍රියාන්විතය දියත් කරමින් සිටී. ඒ අනුව අනුරේඛනය, පරීක්ෂාව සහ ප්‍රතිකාර කිරීමේ ක්‍රියාන්විතය ශක්තිමත්ය. ඒ සඳහා වන ධන සම්පත්ද ඇත. ඒ අනුව දකුණු කොරියාවේ මිලියන 51.5ක ජනගහනයක් වෙසෙන අතර ඉන් ආසන්න වශයෙන් හාරලක්ෂයක් දෙනා කොවිඩ් වාහකයකු දැයි පරීක්ෂා කොට ඇත. එය දළ වශයෙන් දිනකට 4000ක පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කර ඇත. එම තත්ත්වය පැවැතියද පැතිරීම වළක්වාලීම සඳහා ඉතා තද ක්‍රියාන්විතයන් රැසක් සිදුකරමින් පැවැතීම විශේෂයකි.
 
ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳවද රටක් හැටියට, අපේ ආර්ථික තත්ත්වයේ හැටියට දේශීය වශයෙන් ආවේණික යාන්ත්‍රණයකින් මෙම වයිරස ව්‍යාප්තිය නැවැත්වීම සඳහා කරන මෙහෙයුම් කොතෙක් සාර්ථක වුවද ඇතැමුන් මේ සඳහා පුරවැසියන් ලෙස වගකීම් සහගතව හැසිරී කටයුතු නොකිරීමේ තත්ත්වයක්ද පෙන්නුම් කරයි.
 
තත්ත්වය එසේ වුවද අප දකුණු ආසියානු කලාපයේ රටක් හැටියට මෙලෙස අසීරු ඉලක්කයක් වෙනුවෙන් දිරිමත්ව කටයුතු කරන අතරතුර දකුණු ආසියාවේ රටවල් හා මනා සම්බන්ධීකරණයකින් දේශපාලනික වශයෙන් නොව ඉන් එහා ගිය රාජ්‍ය තාන්ත්‍රික එකමුතුවකින් මෙම විපතට මුහුණ දිය හැකි ශක්තියක් ලබාගත යුතුය. රටක් වශයෙන් මේ අසීරු මොහොතේදී එසේ නැඟී සිටීම ජනතාවගේ හිතසුව පිණිස ඉදිරි වයිරස් පැතිරීම් පාලනයටත්, සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑමටත් එය රුකුලක් විය හැකිය.
 
එය ජයගන්නට කාට කාටත් සාමූහික උත්සාහයකට ප්‍රවේශ වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් පවතී. පක්ෂයකට, පාටකට, ජාතියකට, ආගමකට සීමා නොවී මේ යුද්ධය ජයගතහොත් එය ඉතිහාසගත වනු ඇත. දේශපාලනය කරන්නට ජනතාව ජීවත්විය යුතුය. එය වෙනදාට වඩා දේශපාලකයන්ට ලෝකය පුරාම කියාදුන් පාඩමක් වීමද සුවිශේෂය.
 
කෙසේ වෙතත් චීනයේම සේවයේ නියුතු මහාචාර්යවරයකු වූ Deniel Falush පවසන දේ මෙහි සටහන් නොකොට බැරිය.
 
එය දුෂ්කර සංවාදයකට කාලයයි.
 
“මම ෂැංහයිහි පිහිටි බෝවන රෝග ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. මාර්තු මුල සිට මෙම ට්විටර් සහ වෙනත් මාධ්‍ය භාවිත කර බටහිර රටවල සිටින මගේ සගයන් හා අනෙකුත් මත දරන්නන් සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කර ඇති අතර වයිරසය විසින් එල්ල කරන තර්ජනයේ ස්වභාවය සහ ජනවාරි අග සිට චීනය අත්කර ගෙන ඇති ප්‍රගතියේ ආකාරය පැහැදිලි කිරීමට ඕනෑ විය. මේ මොහොතේ, මගේ බටහිර සගයන්ගේ අවශ්‍ය ක්‍රියාමාර්ග සාරාංශගත කිරීමේ මන්ත්‍රය වන්නේ ‘පරීක්ෂණය, හෝඩුවාව, හුදකලාව’ යන්නයි.

කෙසේ වෙතත්, සම්බන්ධතා ලුහුබැඳීම ගැන කතා කරනවාට වඩා ජාන පරීක්ෂණ ගැන කතා කිරීම පහසු වන අතර හුදකලා වීමට වඩා සම්බන්ධතා ලුහුබැඳීම ගැන කතා කිරීම පහසුය.

 
අවාසනාවකට මෙන්, ඕනෑම වේලාවක බෝවන අය කවුරුන්ද යන්න පිළිබඳ අසම්පූර්ණ දැනුමක් අප සතුව ඇත. එබැවින් සෞඛ්‍ය තත්ත්වය නොසලකා සියලු දෙනා අතර සම්බන්ධතා අවම කිරීමෙන් අගුළු දැමීම බැහැර වීමට ඉඩ නොදී අඟුළු දැමීමෙන් මිදීම සඳහා වැඩි නිශ්චිතතාවක් ලබාගැනීම අවශ්‍ය වේ.
 
චීනයේ, ආසාදිත පුද්ගලයන් සෙසු ජනගහනයෙන් හුදකලා කිරීමේ ඉලක්කය වටා පරීක්ෂණ සහ සොයා ගැනීමේ උපාය මාර්ග ගොඩනඟා ඇත.
 
නිදසුනක් වශයෙන්, මිනිසුන් පරීක්ෂාවට ලක් කළ විට, ඔවුන්ගේ පරීක්ෂණයේ ප්‍රති Result සඳහා සායනයේ රැඳී සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටී. ඔවුන් ධනාත්මක බව පරීක්ෂා කරන්නේ නම් අඛණ්ඩව negative PCR පරීක්ෂණ දෙකකින් පෙන්නුම් කරන පරිදි වයිරසයෙන් තොර වන තෙක් ඔවුන් වෛද්‍ය පහසුකම්වල රැඳී සිටිති. ආසාදිත පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන්ට සති දෙකක කාලයක් නිවෙසේදී ස්වයං හුදකලා වීමට නියම කරනු ලැබේ.
 
වූහාන්හි අඟුළු දැමීමේ ආරම්භයේදී, රෝහල් අධික ලෙස පැතිරී ඇති හෙයින්, ආසාදිත පුද්ගලයන්ට නිවෙසේ රැඳී සිටින ලෙස දන්වා ඇති අතර දැන් බටහිර රටවලද සිදුවෙමින් පවතී.
 
කෙසේ වෙතත් ඔවුන් ජනගහනයෙන් ඉවත් කොට මධ්‍යගතව හුදෙකලා විය යුතු බවට සමාජ මාධ්‍යවල අදහසක් පළ විය. මෙම ක්‍රියාමාර්ග දැඩි ක්‍රීඩා ශාලා හා ප්‍රදර්ශන මධ්‍යස්ථානවල මධ්‍යම නිරෝධායන පහසුකම් ඉදිකර ඇති අතර අගුළු දැමීම ආරම්භ වී සතියකට පසුව එය ක්‍රියාත්මක කරන ලදී.
 
ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයේ මෑත කාලීන ශාස්ත්‍රීය පත්‍රිකාවකින් විශ්ලේෂණය
 
කරන ලද වූහාන් පුපුරා යෑම පිළිබඳ දත්තවලින් පෙනී යන්නේ වයිරස් ප්‍රජනනය පළමු සතිය තුළ දළ වශයෙන් නියතව පැවතුණ නමුත් මධ්‍යම නිරෝධායනය හඳුන්වා දීමෙන් පසු එය කඩා වැටුණු බවයි.”
 
Daniel Falnsh institute pasteur, shanghai, china

උපුටා ගැනීම - මව්බිම පුවත්පත

The Wuhan Virus Lab-Made Bioweapon Story Is a Conspiracy Theory
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top