අවදානම් රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂාවට
Thursday, 30 April 2020 - 13:11 | Views - 590
අවදානම් ප්‍රදේශවල රාජකාරි කටයුතුවල නිරතවන පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණවලට  යොමු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දැනට කොරෝනා වෛරසය වැළඳී ඇති රෝගීන් වාර්තාවන ප්‍රදේශවල පොලිස් නිලධාරීන් මෙලෙස වෛරසය වැළඳී  ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

ඊයේ දිනය තුළ වාර්තාවූ කොරෝනා ආසාදිත 30 දෙනාගෙන් විසි දෙදෙනෙකුම නාවික හමුදා සෙබළුන් වන අතර, ඔවුන්ගෙන් විසි දෙනෙකු හඳුනාගෙන ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුර තුළදියි.

තවත් දෙදෙනෙකු නිවාඩු ගොස් සිටි හමුදා සෙබළුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඉන් හත්දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් වන අතර, අනෙක් පුද්ගලයා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි යුද හමුදාපති ලූතිනන්  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

මීට දින දෙකකට පෙර කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වූ නාරාහේන්පිට - දාබරේ මාවත, මුත්තයියා පාර සහ හැව්ලොක් ලේන් යන ප්‍රදේශවල සිටින ජනතාවගේ පී.සී.ආර්. පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා.

එමෙන්ම කොළඹ - කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ගතවූ සතියක කාලසීමාව තුළ කිසිදු කොරෝනා රෝගියෙකු හමුවී නැහැ.

කෙසේ වෙතත් තවදුරටත් තෝරාගත් කණ්ඩායම් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කරන බව මැද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල ප්‍රකාශ කළා.

එමෙන්ම අංගොඩ පිහිටි බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යාම නිසා වාර්තාවන නව කොරෝනා රෝගීන් හෝමාගම රෝහලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිට හෝමාගම රෝහලේ කොරෝනා ආසාධිත 18 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top