ජීවිත ලක්ෂ ගණනක් බිලිගත්, කොරෝනා වසංගතය මේ වෙනකොට ලෝකයම සිය ආධිපත්‍යයට නතු කරගනිමින් සිටිනවා.
ස්භාධර්මයට වින කරමින්, කුරිරුකම් කළ මිනිසුන් ගෙවල්වලට කොටු වෙද්දි, ස්භාවධර්මය නොසිතූ ලෙස වෙනස් වෙන්නට පටන් ගත්තා.
තිරිසනුන්ට අන්ත වූ මිනිසුන්ගේ සේයාවක් හෝ නොවුණු තැන, අහිංසක වන සිව්පාවනුත් කළ එළි බහින්න ගත්තේ ආසාවෙන්.
ඉතින් ඒ විදිහට කල්ලි ගැහුණු සත්වයින්ගේ අපූරු ඡායාරූප අන්තර්ජාලයෙන් ඔබත් නිතර දකින්න ඇති.
මේ කතාවක් ඒ විදිහේ කතාවක්.
කොරෝනා වසංගතය මැද පෙන්ගුවින් දෙදෙනෙකු එකිනෙකා සනසවන අපූරු ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වනවා.
ඡායාරූප ශිල්පී ටොබියාස් බෝම්ගාට්නර්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පෙන්ගුයින් ජනපදයක ගත කළ රාත්‍රීන් තුනකදී මෙම සංවේදී ඡායාරුප පෙළ සිය කැමරා කාචයට හසු කරගෙන තිබෙනවා.
අහස දෙස බලමින් සිටින, මේ පෙන්ගුවින් දෙදෙනාට ඔවුනොවුන්ගේ කවුරු හෝ අහිමි වූවක් පෙනෙන්නට ඇති අතර ඔවුන් එකිනෙකා සනසාගන්නා මෙම ඡායාරූප බොහෝ දෙනෙකු හදවත් ස්පර්ශ කරන්නට සමත්ව ඇති බවයි, වාර්තා වන්නේ.
Dailymail ඇසුරිනි.
