සැත්කමකින් විරූපි වූ බොලිවුඩ් නිළිය
Wednesday, 15 March 2017 - 13:08 | Views - 22,187
බොලිවුඩයේ සිටි තවත් රුවැත්තියක් වන අයේෂා ටාකියා ගැන වෙනස්ම කතාවක් මේ දිනවල කතා බහට ලක්ව තිබෙනවා. ඒ ඇය මුහුණට සිදු කළ සැත්කමක් නිසා ඇගේ සුරූපී මුහුණ වීරුපී වී තිබෙනවා කියලයි. ඇය 2004 දී ‘ටාසන් ද වොන්ඩර් කා’ චිත්‍රපටයෙන් බොලිවුඩ්පුරයට පා තැබුවා. උපතින්ම සුන්දර රූ සපුවකට හිමිකම් පෑ අයේෂාට සිදු වූ දේ ගැන ඇගේ රසිකයින් පවා කම්පා වී තිබෙනවා.

වසර කිහිපයක්ම සිනමා රංගනයෙන් ඈත්ව සිටි අයේෂා, යළි සිනමාවට එක්වීමේ අරමුණෙන් යුතුව තමන්ගේ මුහුණට ප්ලාස්ටික් සැත්කමක් සිදුකර ගෙන තිබෙනවා. නමුත් එයින් මුහුණ තරමක් වෙනස් වී ඇති බව නම් ඇගේ අලුත් ඡායාරූප බැලූ බැල්මටම පෙනෙනවා.

පසුගියදා සිය ට්විටර් ගිණුමට එකතු කළ අයේෂාගේ අලුත්ම ඡායාරූප ඒ බවට කදිම සාක්ෂියක් වනවා. තවමත් 30 වන වියෙහි පසුවන ඇගේ මේ අලුත් පෙනුම දුටු රසික රසිකාවියන් සහ හිතවත් පිරිස දැඩි ලෙස කම්පා වෙලා.

මුහුණට සිදු කළ ප්ලාස්ටික් සැත්කම නිසා ඇගේ මුහුණ කිසියම් විකෘති ස්වභාවයකට පත්වෙලා. එදා ඇය සතු වූ සිහින් දෙතොල අද ඉදිමී ඇති ස්වරූපයකට හැරිලා. දෙකම්මුලත් ඉදිමී විකෘති වෙලා. ලස්සන නෙත් යුගලයෙහි වෙනදා දුටු සුන්දරත්වය වියැකී ගිහින්. සැබැවින්ම අයේෂා ටාකියා ප්ලාස්ටික් සැත්කමෙහි ගොදුරක් බවට පත්වෙලා කියලයි හැමෝම කතාවෙන්නේ.

එදා කවුරුත් බලාපොරොත්තු තබාගෙන සිටි අයේෂා 2009 දී ෆර්හාන් අස්මි සමඟ විවාහ වී, 2013 දී පුතකු ලැබූ පසුව බොලිවුඩ් සිනමාවෙන් ඉවත් වුණා. ඇය නැවතත් බොලිවුඩයට පිවිසීමේ අදහසින් මේ ප්ලාස්ටික් සැත්කම කරගන්නට ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.

ඇගේ ඡායාරූප පහතින් බලන්න











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top