පාර්ලිමේන්තුව කැඳවීම ගැන විපක්ෂය ජනපතිගෙන් කළ ඉල්ලීම හිටපු කථානායකවරයා අනුමත කරයි
Thursday, 30 April 2020 - 11:37 | Views - 916
පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට විපක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කර ඇති ඉල්ලීම කාලෝචිත සහ චේතනාන්විත වන අතර, එම යෝජනාව අනුමත කරන බව හිටපු කථානායක කරූ ජයසූරිය පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු කථානායකවරයා කියා සිටියේ යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම හිටපු කථානායකවරයා ලෙස තමා භූමිකාව බවයි.
Share This Article