අද රාත්‍රියේ සිට සඳුදා දක්වා හදිසියේම දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමට හේතුව
Thursday, 30 April 2020 - 10:35 | Views - 3,912
ශ්‍රී ලංකාව තුළ කොරෝනා අවදානම තුළ ඉදිරි දින කිහිපය තුළ දිවයිනටම පනවන ලද ඇඳිරි නීතිය ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පනවන ලද සෞඛ්‍ය ඇඳිරි නීතියක් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
අද උදෑසන විකාශය වූ හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ ලොව විවිධ රටවල් විවිධ ක්ෂේත්‍ර සඳහා මුල්තැන ලබාදුන්නද කොරෝනා මර්දන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව මුල්තැන දී ඇත්තේ ජනතාවට බවයි.
Share This Article