දිනෙන් දින මරු තුරුළට යන, කොරෝනා රෝගීන්ගේ කම්පන සහගත දර්ශනවලින් හෙම්බත්ව, සිය ජීවිතය තොර කර ගත් වෛද්‍යවරිය
Thursday, 30 April 2020 - 9:32 | Views - 1,633
නිව්යෝක්හි කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හා සටන් කරමින් සිටි වෛද්‍යවරියක් දැඩි මානසික ආතතිය හේතුවෙන් සියදිවි හානි කර ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝක් ප්‍රෙස්බිටේරියන් ඇලන් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍ය අධ්‍යක්ෂ වූ වෛද්‍ය ලෝර්න් එම්. බ්‍රීන් මෙසේ සිය ජීවිතය අහිමි කරගෙන තිබුණා.
 
48 හැවිරිදි වියේ පසුවන ඇගේ මරණය පිටුපස ඇත්තේ ඛේදනීය කතාවක්.
 
දිනෙන් දින වෛරසයට ගොදුරු වන්නන්ගේ කම්පන සහගත දර්ශනවලින් ඇය පීඩාවට පත්ව සිටි බවයි ඇගේ පවුලේ සාමාජීකයින් පවසන්නේ.
 
බ්‍රීන් මෑතකදී කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති නමුත් සති එකහමාරක විවේකයකින් පසු ඇය නැවත සේවයට වාර්තා කර තිබෙනවා.
 
දින කිහිපයකට පසු, ඇය සියැසින් දුටු ඇතැම් කම්පන සහගත දර්ශනවලින් කලබලයට පත්ව ඇති බව ඇගේ පියා සඳහන් කර සිටියා.
 
"ඇය රාජකාරිය කිරීමට උත්සහ කළ නමුත්, ඒ රාජකාරිය විසින්ම ඇයව මරා දැමුවා" යැයි ෆිලිප් බ්‍රීන් නම් ඇගේ පියා පවසනවා.
 
ඇයට මානසික රෝගී තත්ත්වයක් පිළිබඳව ඉතිහාසයක් නොමැති බව ඔහු කියන්නේ කණගාටුවෙන්.
 
"ඇය වීරයෙකු ලෙස ප්‍රශංසා කිරීමට වග බලා ගන්න.. ඇත්තෙන්ම ඇය එහෙම කෙනෙක්.."
 
ප්‍රෙස්බිටේරියන් රෝහලෙන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු නොකළ බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
 
Dailymail ඇසුරිනි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top