එක පාරටම වළට පැන්න චාමර ගිලෙන්න යද්දී එයාව බේර ගන්න පැන්න විමුක්ති අයියා දියේ නොපෙනී ගියා
Thursday, 30 April 2020 - 9:26 | Views - 965
“විමුක්ති කුමාරතුංග අයියා ගමේ හිටපු හොඳම කොල්ලා. ධර්ම ශ්‍රී අයියලාගේ ගෙදර කපන වැසිකිළියේ පස් ටික අපේ ගෙදරට අපි කිහිපදෙනෙක් විල්බැරෝ දෙකකින් අදින කොට විමුක්ති අයියා විට කන්න බුලත් අරගෙන උදේ 10ට විතර ආවා. ඒ තරමට කාත් සමඟත් ගමේ එකට හිටපු විමුක්තිට හදිසියේම මේ වූ විපත ගැන අපි කාටත් දරා ගන්න බැහැ” යැයි අධි බලැති විදුලි කණුවක් සවි කිරීමට කපා තිබූ අනාරක්ෂිත වළක දියේ ගිලීයෑමෙන් මියගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණයේදී මිතුරකු වන ටී.පී.කේ. නන්ද කීර්ති (අවු.27) තරුණයා සාක්කි දෙමින් පවසා තිබෙනවා.

මෙලෙස අධිබලැති විදුලි කණුවක් සවි කිරීමට තිබූ වළකට වැටී මියගොස් තිබුණේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ මොරොන්තොට, ගුරුල්ලවල, ගලේකඩේ නිවෙසේ පදිංචිව සිටි පී. විමුක්ති කුමාරතුංග නමැති 32 හැවිරිදි තරුණයෙක්. මියගිය තරුණයා හා තවත් දෙදෙනකු ඉකුත් 26 වැනිදා සවස ගුරුල්ලවල වෙල්යායේ අධිබලැති විදුලි කණුවක් සවි කිරීමට කපා තිබූ අඩි 40ක් දිග අඩි 40ක් පළල අඩි 15ක් ගැඹුරු වළක නෑමට ගොස් ඉන් එක් අයකු ගිලෙමින් සිටින අවස්ථාවේදී ඔහු බේරා ගැනීමට ගිය අවස්ථාවේදී එසේ දියේ ගිලීයෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සදහන්.

පසුව මියගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණය 27දා කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය විසින් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී සිදු කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් නන්ද කීර්ති තරුණයා,

“ධර්ම ශ්‍රී අයියලාගේ ගෙදර අපි හත් අට දෙනෙක් ඉකුත් 26දා පෙරවරුවේ වැසිකිළි වළක් කැපුවා. එතැනට විමුක්ති අයියත් උදේ දහය පමණ වෙන කොට මට විට කන්න බුලතුත් අරගෙන ආවා. ධර්ම ශ්‍රී අයියලාගේ ගෙදර කපන වැසිකිළි වළේ පස් අපි හත් අට දෙනෙක් එක්ක විල්බැරෝ දෙකකින් අපේ ගෙදරට ඇද්දා. පස් අදින අතරේ අධිබලැති විදුලි කණුව සවි කරන්න තියෙන වළේ නාන්න යන් කියලා කිව්වා. ධර්ම ශ්‍රී අයියලාගෙන් දවල්ට කෑමත් දුන්නා.

හවස හතර පමණ වෙනකොට වහින නිසා අපි පස් ඇදිල්ල නතර කරලා නාන්න යන් කියලා මමයි විමුක්තියි නලින්දයි ගමේ කඩේ ළඟට ගියා. කඩේ ඉස්සරහ විශාල කුඹුරු යායේ තමයි අධිබලැති විදුලි රැහැන් ඇදීමට විශාල වළක් කපලා තිබුණේ. ඒ වළ ළඟට විමුක්ති ගිහින් බැහැලා එහාට මෙහාට තුන් හතර පාරක් පීිනලා ගොඩට ඇවිල්ලා හිටියා. පස්සේ මමයි නලින්දයි එතැනට ගියා. ඒ ගිහින් ඉන්නකොට චාමර එකපාරට වළට පැන්නා. චාමර වළේ ගිලෙන්නට යනවා වගේ දැක්ක නිසා විමුක්ති වළට බැහැලා චාමර ගොඩගන්න ගියා. පස්සේ මමත් වළට බැහැලා චාමර ගොඩට තල්ලු කරලා විමුක්ති කෝ කියලා බැලුවා.

විමුක්ති පේන්න හිටියේ නෑ. මම වළේ ගැඹුරට ගිහින් කිහිපවාරයක්ම බැලුවා. ඒත් හම්බ වුණේ නෑ. පස්සේ අපි අවට අයට කෑගැසුවා. එතකොට ගමේ ඉන්න ලක්ෂ්මන් අයියා ඇවිල්ලා වළට බැහැලා බලලා කිව්වා යට ඉන්නවා කියලා. පස්සේ ලක්ෂ්මන් අයියා විමුක්ති ගොඩට ගත්තා. අපි කෘත්‍රිම ශ්වසනය පවා දුන්නා. ඒත් විමුක්ති කතා කළේ නෑ. පස්සේ ත්‍රිරෝද රථයකින් විමුක්ති කෑගල්ල මහ රෝහලට අරගෙන ගියා. කෑගල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ හිටපු වෛද්‍යවරයා පරීක්ෂා කර බලලා කිව්වා ඔහු මිය ගිහිල්ලා කියලා.

"ගුරුල්ලවල වෙල්යායේ මැදින් අධිබලැති විදුලි රැහැන් ඇදීමට පසු ගිය කාලේ වළවල් කිහිපයක් කපලා තියෙනවා. ඒ වළක දිග අඩි 40යි පළල අඩි හතළිහක් වෙනවා. ගැඹුර අඩි පහළොවක් පමණ වෙනවා.”

මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරිය වන පී. ශ්‍රීමාලි දීපශිකා (අවු.34) මෙසේද ප්‍රකාශ කළා.

“මම පවුලේ වැඩිමහල් දරුවා. මියගිය ලොකු මල්ලි ත්‍රිරෝද රථයක වැඩ කරමින් සිටියා.”

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධම්මික මදරසිංහ මහතා විසින් කළ අතර ජලය පිරී තිබූ අධිබලැති විදුලි කණුවක් සවි කිරීමට තිබූ අත්තිවාරම් වළේ දියේ ගිලීයෑමෙන් සිදු වූ හදිසි මරණයක් බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය නිගමනය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top