කොරෝනා ලෝකෙටම බෝ කළ චීනය, කොරෝනා ගැන කළ බිහිසුණු අනාවරණය
Thursday, 30 April 2020 - 9:04 | Views - 1,523
නව කොරෝනා වෛරසය සඳහටම ලොවෙන් තුරන් නොවනු ඇති බවත්, එය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මෙන් කලින් කලට පැතිර යනු ඇති බවත් චීන වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

චීන වෛද්‍ය පර්යේෂකයින් පවසා ඇත්තේ, කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් ඔවුන් එකරැස් කරනු ලැබූ දත්ත පාදක කර ගනිමිනුයි.
 
කලින් කලට කොවිඩ්-19 හිස ඔසවන්නේ නම්, වෛරසය මර්දනය කළ හැකි එන්නතක් හෝ ඔසුවක් හෝ නිපදවා ගැනීම ඉතා වැදගත් බව ද බිජීං අගනුවර චීන පර්යේෂකයෝ පෙන්වා දෙනවා.
 
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිස්සුන්ට ආසාදනය වූ වෛරස් පවුලේ නව වෛරසයක් බව තහවුරු වී තිබෙනවා. කෙසේ නමුත් වෛරසයේ සුලමුල තවමත් අභිරහස් බවයි විද්‍යාඥයින් පවසන්නේ.
 
වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම ඇරඹූණේ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන්. ආරම්භය එහි සත්ව හා මත්ස්‍ය වෙළඳපොළ බව සඳහන්.
 
මෙම වෙළඳපළේ සිට සැතපුම් අටක් දුරින් "වෛරසවේදය පිළිබඳ අධ්‍යනය ආයතනය" පිහිටා ඇති අතර 2015 දී මෙම ආයතනයට නව රසායනාගාරයක් එක් කර තිබෙනවා.
 
කොවිඩ්-19 වෛරසය මෙම රසායනාගාරයේ නිපදවන ලද්දක් බවත්, එය හිතාමතා හෝ අත්වැරදීමකින් සමාජයට මුදා හරින්නට ඇති බවත් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරනවා.
 
වෛරසය හිතමතා වෛරසය මුදා හැරියානම් චීනයට කිසිදු සමාවක් නොලැබෙන බවත් ට්‍රම්ප් අවධාරණය කළා.
 
වුහාන් රසායනාගාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්විය යුතු බවට ට්‍රම්ප් යෝජනා කර ඇති අතර ජර්මනිය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව ද එය අනුමත කර තිබෙනවා.
 
චීනය හිතාමතා වෛරසය මුදා හැරි බව තහවුරු වුවහොත් චීනයට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන බවත්, චීනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 160කට වඩා වැඩි වන්දි මුදලක් තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව ඇමරිකන් පුවත් සේවා වාර්තා කර තිබෙනවා.

උපුටාගැනීම - ලංකාදීප පුවත්පත
Coronavirus: Shadowy lab holding world's deadliest diseases based ...Did coronavirus come from a lab? | New Scientist
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top