ආර්ථිකය ගොඩනැගීමට චීනයේ සහය අඛණ්ඩව
Thursday, 30 April 2020 - 8:29 | Views - 718
කොරෝනා වසංගතයෙන් පසුවද ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බව චීනය පවසනවා.

ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ  පස්වරුවේ පැවති සාකච්ඡාවකදී චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර  තිබුණා.

රබර් - සහල් ගිවිසුම සමයේ සිට චීනය ශ්‍රී ලංකාවට දුන් සහයෝගය ජනාධිපතිවරයා මෙහිදි සිහිපත් කර තිබුණා.

එමෙන්ම කොරෝනා වසංගතය, ගෝලීය ආර්ථිකය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බෙහෙවින් හානිකරනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමඟ සුහදව සාකච්ඡා කළ චීන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ සැබෑ මිත්‍රත්වය, සැපතේදීත් විපතේදීත් එකට සිටීම යන්නයි.

ශ්‍රී ලංකාව තම රට අරඹයා අනුගමනය කළ පිළිවෙත ගැන තම රජයත්, ජනතාවත් කෘතඥතාව පළ කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජයගැනීම සඳහා උපකාර කිරීම චීනයේ අපේක්ෂාව බවයි එරට තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top