ආර්ථිකය ගොඩනැගීමට චීනයේ සහය අඛණ්ඩව
Thursday, 30 April 2020 - 8:29 | Views - 719
කොරෝනා වසංගතයෙන් පසුවද ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බව චීනය පවසනවා.
ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.
රබර් - සහල් ගිවිසුම සමයේ සිට චීනය ශ්‍රී ලංකාවට දුන් සහයෝගය ජනාධිපතිවරයා මෙහිදි සිහිපත් කර තිබුණා.
එමෙන්ම කොරෝනා වසංගතය, ගෝලීය ආර්ථිකය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බෙහෙවින් හානිකරනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපතිවරයා සමඟ සුහදව සාකච්ඡා කළ චීන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ සැබෑ මිත්‍රත්වය, සැපතේදීත් විපතේදීත් එකට සිටීම යන්නයි.
ශ්‍රී ලංකාව තම රට අරඹයා අනුගමනය කළ පිළිවෙත ගැන තම රජයත්, ජනතාවත් කෘතඥතාව පළ කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජයගැනීම සඳහා උපකාර කිරීම චීනයේ අපේක්ෂාව බවයි එරට තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Share This Article