ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 30ක්
Thursday, 30 April 2020 - 7:36 | Views - 843

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් 649 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ආසාදිතයන් 506 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.
එසේම ඊයේ දිනයේදී කොරෝනා වෛරසය වැලඳුණු පුද්ගලයන් දෙදෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටව යාමත් සමඟ මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 136 ක්.
මේ අතර, මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු සේවයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟ එම කොට්ඨාසයේ රාජකාරි කටයුතු තමාගේ අධීක්ෂණය යටතේ තවදුරටත් සිදුකරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි ප්‍රකාශ කළා.
කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වූ කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතේ රාජකාරී කටයුතු කළ මෙම පිරිස සේවයෙන් ඉවත්ව නිරෝධායනයේ නිරතවීමට තීරණය කළේ ඔවුන්ට කොරෝනා වෛරස පරීක්ෂාවක් සිදුකරන ලෙසට කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 32 ක පුද්ගලයින් 3,609 ක් තවදුරටත් නිරෝධායනය වන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
එමෙන්ම කොවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 878 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ඊයේ දිනයේදී එම අරමුදලට ලැබී ඇති තවත් රුපියල් මිලියන 5.5 ක මුදලක් සමඟයි.
Share This Article