අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේදී ප්‍රවේශම් වන්න, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්
Wednesday, 29 April 2020 - 20:26 | Views - 1,281
මේ දිනවල අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේදී සිදුවන වංචාවන් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට දනුම් දෙනවා.
එම සංසදය පවසන්නේ අන්තර්ජාලය හරහා නිවසට භාණ්ඩ ගෙනවිත් දෙන බව පවසමින් බැංකු කාඩ්පත්වල දත්ත සොරාගැනීමේ ජාවාරමක තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතින බවයි.
එවැනි අන්‍යතාව තහවුරු කළ නොහැකි වෙබ් අඩවිවලින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල සඳහන් කළා.
Share This Article