ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළට
Wednesday, 29 April 2020 - 20:23 | Views - 1,353
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මෙතෙක් හමුවූ ආසාදිතයන්ගෙන් 136 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 484ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 7ක් ච වාර්තා වුනා.
අද දිනයේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 8ක්.
Share This Article