කොරෝනාවලින් අනූ නවයෙන් බේරුණු, බොරිස් ජොන්සන්ට හදිසියේ ලැබුණු සුබ පණිවුඩය
Wednesday, 29 April 2020 - 16:38 | Views - 789
එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පියෙකු වූ පුවත විදෙස් මාධ්‍ය මීට මොහොතකට පෙර වාර්තා කළා.
 
ඔහුගේ පෙම්වතිය වන කැරී සීමන්ඩ්ස් අද දිනයේ ලන්ඩන් නුවර NHS රෝහලේදී නිරෝගී පිරිමි දරුවෙකු බිහි කළ බවයි වාර්තා වන්නේ.

මෙම පිරිමි දරුවා කැරීගේ පළමු දරුවා වන නමුත්, බොරිස්ගේ හයවන දරුවා වීම විශේෂත්වයක්.
 
බොරිස් මින් පෙර විවාහ වූ අයෙකු වන අතර ඔහුට කාන්තාවන් සම්බන්ධයෙන් අවස්ථා ගණනකදී කටකතා පවා නිර්මාණය වුණා.
 
කෙසේ වෙතත්, කැරී ගැබ්ගත් කාල සමයේම බොරිස් ජොන්සන්ට කොරෝනා වැළඳුණු අතර ඔහු පසුව ආසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්කාරයට ද ඇතුළත් කරනු ලැබුවා.
 
ඒ අතරතුර කාලයේදී බොරිස් අසළක හෝ නොවුණු කැරීද කොරෝනා වෛරසයට ගොදුරු වුණේ සියලු දෙනා කම්පනයට පත් කරමිනුයි. කෙසේ වෙතත්, ඇය ද දැන් සුවයෙන් පසු වනවා.
 
සම්පූර්ණ සුවයෙන් පසු වන අගමැති බොරිස් ජොන්සන් පසුගිය දිනෙක මාධ්‍ය අමතා තමන් වෙනුවෙන් කැපවුණු අයලුන්ට ස්තුති කරන්නට ද අමතක කළේ නැහැ.
 
තවමත් නමක් තබා නැති මේ අලුත උපන් දරුවා ඉතාමත් නිරෝගීව සිටින බවත්, මවද නිරෝගී බව බොරිස්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
 
එමෙන්ම, යුවළ NHS රෝහලේ කාර්ය මණ්ඩලයට ස්තුති කළ බවද ඔහු පවසනවා.
 
මේ අතර යුවළගේ අලුත උපන් දරවාට දස දෙසින් සුබ පැතුම් ගලාගෙන එන බවද ඩේලිමේල් අනාවරණය කරනවා.
 
Dailymail ඇසුරිනි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top