එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පියෙකු වූ පුවත විදෙස් මාධ්‍ය මීට මොහොතකට පෙර වාර්තා කළා.
ඔහුගේ පෙම්වතිය වන කැරී සීමන්ඩ්ස් අද දිනයේ ලන්ඩන් නුවර NHS රෝහලේදී නිරෝගී පිරිමි දරුවෙකු බිහි කළ බවයි වාර්තා වන්නේ.
මෙම පිරිමි දරුවා කැරීගේ පළමු දරුවා වන නමුත්, බොරිස්ගේ හයවන දරුවා වීම විශේෂත්වයක්.
බොරිස් මින් පෙර විවාහ වූ අයෙකු වන අතර ඔහුට කාන්තාවන් සම්බන්ධයෙන් අවස්ථා ගණනකදී කටකතා පවා නිර්මාණය වුණා.
කෙසේ වෙතත්, කැරී ගැබ්ගත් කාල සමයේම බොරිස් ජොන්සන්ට කොරෝනා වැළඳුණු අතර ඔහු පසුව ආසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්කාරයට ද ඇතුළත් කරනු ලැබුවා.
ඒ අතරතුර කාලයේදී බොරිස් අසළක හෝ නොවුණු කැරීද කොරෝනා වෛරසයට ගොදුරු වුණේ සියලු දෙනා කම්පනයට පත් කරමිනුයි. කෙසේ වෙතත්, ඇය ද දැන් සුවයෙන් පසු වනවා.
සම්පූර්ණ සුවයෙන් පසු වන අගමැති බොරිස් ජොන්සන් පසුගිය දිනෙක මාධ්‍ය අමතා තමන් වෙනුවෙන් කැපවුණු අයලුන්ට ස්තුති කරන්නට ද අමතක කළේ නැහැ.
තවමත් නමක් තබා නැති මේ අලුත උපන් දරුවා ඉතාමත් නිරෝගීව සිටින බවත්, මවද නිරෝගී බව බොරිස්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
එමෙන්ම, යුවළ NHS රෝහලේ කාර්ය මණ්ඩලයට ස්තුති කළ බවද ඔහු පවසනවා.
මේ අතර යුවළගේ අලුත උපන් දරවාට දස දෙසින් සුබ පැතුම් ගලාගෙන එන බවද ඩේලිමේල් අනාවරණය කරනවා.
Dailymail ඇසුරිනි.