පාස්කු ප්‍රහාරයට අදාළව පුත්තලමේ සංවිධානයක්
Wednesday, 29 April 2020 - 16:36 | Views - 1,365
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධව සාම්පූර් ප්‍රදේශයෙන් සොයාගත් ස්ථානයේ අවි පුහුණුව ලබාදී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම ප්‍රහාරවලට අදාළව පුත්තලම ප්‍රදේශයේ සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, සහරාන් ඇතුළු ප්‍රහාරකයන් එම සංවිධානයේ දේශන සඳහා හා වීඩියෝ දර්ශන පෙන්වීම සඳහා සහභාගී වී ඇතැයි ද ඔහු පැවසුවා.
දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ද මීට සම්බන්ධ බවට පරීක්ෂණ අනුව හෙළි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
Share This Article