කොවිඩ් ආසාදනය වී, ශ්‍රී ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් 27ක් බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට
Wednesday, 29 April 2020 - 16:03 | Views - 1,053
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ලොව සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට තිස් එක්ලක්ෂ 49,108ක් වනවා.
මේ වනවිට ලොව පුරා මරණ දෙලක්ෂ 18,385ක් වාර්තා වන අතර රෝගය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව නව ලක්ෂ 62,763ක්.
මේ අතර, වෛරසය වැළදීමෙන් ශ්‍රී ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් 27 දෙනෙකු බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම පවසනවා.
මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් 161,145ක් මේ වන විට වාර්තා වන අතර එරට පුද්ගලයින් 21,678ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Share This Article