Covid -19 නිසා, කාන්තා හෝමෝන ශරීර ගත කරගන්න පිරිමින්
Wednesday, 29 April 2020 - 15:52 | Views - 3,084
Covid -19 ආසාදිත පිරිමි රෝගීන්ට කාන්තා හෝමෝන ලබා දීම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
නිව්යෝර්ක්හි රෝහල් කිහිපයක මෙය සිදු වන බවයි වාර්තා වන්නේ.
චීන සහ ඇමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් අනාවරණ කරගෙන ඇත්තේ, පිරිමි පුද්ගලයින්ට වඩා කාන්තාවන්ට නව කොරෝනා වෛරසයට ඔරොත්තු දීමේ හැකියාව අධික බවයි.
බෝවන රෝගවලදී පිරිමින්ට වඩා කාන්තාවන් ඊට හොදින් මුහුණ දෙන බව ද පර්යේෂකයින් පෙන්වා දෙනවා.
නිව්යෝක් නුවර, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන පිරිමි රෝගීන්ට ඊස්ට්‍රජන් කෘත්‍රිමව ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්, ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වන බවත් සදහන්.
මේ වනවිට ඇමෙරිකාව තුළ නව කොරෝනා ආසාදිතයින් 1,035,765 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා.
ඉන් පුද්ගලයින් 59,266 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article