කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට සියළු පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි
Wednesday, 29 April 2020 - 15:47 | Views - 1,662
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට සියළු පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ නාවික හමුදා සෙබළුන් අතර සිටිය හැකි බවට සැක කෙරෙන ආසාදිතයන් සොයා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් අධියරට පැමිණ ඇති බවයි.

එමෙන්ම නාවික හමුදා සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් මෙන්ම ඔවුන් ආගිය ස්ථානවල සිටි හිතවතුන් ඇතුළු පිරිස් ආසාදිතයන් බවට පත්වනු ඇතැයි යන සැකය මේ වන විට මතුවී ඇතැයි ද අනිල් ජාසිංහ මහතා අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

එබැවින් එම ස්පර්ශකයින් පිළිබඳ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම බුද්ධි අංශය ද දැඩි විමසිල්ලෙන් පසුවන බව ඔහු සඳහන් කළා.

මේ වන විට මතුවී තිබෙන කොවිඩ් - 19 පොකුරු (Clusters) තවදුරටත් විශාල වශයෙන් වර්ධනය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  මහතා කියාසිටියේ.

ආසාදිතයන් බවට පත්විය හැකි බවට අවදානමක් ඇති හේතු සහිතව හඳුනා ගන්නා සියලුදෙනා නිරෝධායනයට ලක්කර තිබෙනවා.

එහෙත් තවදුරටත් මෙම පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳව මෙන්ම සමාජයේ අළුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳ මේ මොහොතේ අනාවැකි පළකළ නොහැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කළේ.

කෙසේවෙතත් වෛරස් ව්‍යාප්තිය පාලනයට ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වීමට බලපාන ප්‍රධාන  සාධකයක් වන්නේ සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් නිවැරදිව මහජනතාව විසින් පිළිපැදීම බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top