මෙරට පළමු වරට විභාග ප්‍රතිඵල, සහතික කිරීමේ ලේඛන ඔන්ලයින් ක්‍රමයට
Wednesday, 29 April 2020 - 15:38 | Views - 651

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් හි ප්‍රතිඵල, සහතික කිරීමේ ලේඛන (Verification) නිකුත් කිරීමේ අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවේ පළමු වරට ඊයේ (28) ආරම්භ කළා.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම නව සේවාව ආරම්භ කළ අතර එම දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද විභාග ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් ක්‍රමයට ලබාදීම මෙම සේවාවේ මූලික අරමුණයි.
මෙහි මූලික අදියර යටතේ 2001 වසරේ සිට මේ දක්වා පවත්වන ලද සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට අදාල ප්‍රතිඵල සනාථ කිරීමේ ලේඛන නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මේ යටතේ විදේශීය විශ්ව විද්‍යාල, විදේශීය ආයතන, පෞද්ගලික ආයතන, විභාග අයඳුම්කරුවන් ඇතුලු අදාල පාර්ශවයන්ට සහතික කරන ලද ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් ක්‍රමයට නිකුත් කරනු ඇති.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk දරණ නිල වෙබ් අඩවියට ප්‍රවේශ වී අයදුම්කරුවන්ට තම ප්‍රතිඵල සනාථ කරගැනීමේ මෙම සේවාව ලබා ගැනීමට අවස්ථාව මේ වනවිට සලසා තිබෙනවා.
ඉදිරියේදී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විභාග ක්‍රමය තුල මෙන්ම අනෙකුත් අංශ වෙතද මෙම ඩිජිටල් අත්දැකීම වඩාත් ප්‍රයෝගිකව සමීප කරන බව මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කර සිටියා.
Share This Article